ආයුබෝවන් ඔබට...

පාසල් මාධ්‍යකරණයේ නවමු මංපෙත් සොයා යන ඌව මාධ්‍ය සංසදය විසින් සංවර්ධනය කරනු ලබන DIGITAL සටහන වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

අනාගතය කරා පියනගන අපි සොයන්නා වූ දැක්ම ...

වෙනස් වන ලෝකයේ අභියෝග ජය ගනිමින් විද්‍යාලීය නාමය දෙස් විදෙස් හී සනිටුහන් කිරීමයි.

අත්තටු විදහා පියා සලන අප ඉටු කරන්නා වූ මෙහෙවර ...

පවත්නා සම්පත් කාර්යක්ෂමවත්, ඵලදායිවත් භාවිතා කරමින්, දැනුම ගුණධර්ම වලින්, චරිතායනය කර ගත්, නිපුනතාවන්ගෙන් පරිපුන් සිසු කැළැක් සමාජයට දායාද කිරීමයි .

වෙල්ලස්සක සිප්සදාරන ඌව නවෝදයින් වෙමු ...

ශ්‍රමය සෞභාග්‍ය කරා .... බදුල්ල ඌව මහා නවෝද්‍යා විද්‍යාලයේ සිසු කැල වන අපගේ ආදර්ශ පාඨයයි.

6 February 2013

2013 නිදහස් දින සැමරීම හා උදෑසන රැස්වීම

2013 පෙබරවාරි 04 දිනට යේදී තිබුනු 65 වන ශ්‍රී ලාංකීය නිදහස් දින සැමරීම එම සතියේ ම පෙබරවාරි 06 දින උදෑසන රැස්වීම මගින් අප විද්‍යාලය සමරනු ලැබිණි. එදින උදෑසන රැස්වීම යේදී තිබුණේ 10-A ශ්‍රේණියට වූ බැවින් ඔවුන්ට සියලුම මෙහෙයවීම් කටයුතු භාර දී තිබුණි.
මෙහි දී අතීතයේදීත් මෑතකදීත් ශ්‍රී ලංකාවේ සිදු වූ අකටයුතුකම්, ආක්‍රමණ, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා ලාංකීය ජනයා මුහුන දුන් ආකාරය එහි ප්‍රතිවිපාක විද්‍යාලීය සිසුන් හට පෙන්වා දීම ප්‍රධාන විය. මෙහි දී ප්‍රධාන දේශන භාර ගනිමින් විද්‍යාලයේ පූජ්‍ය බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි විසින් සිසුන්ගේ ජාත්‍යාලය පුබුදු වන සිත්ඇද ගන්නා සුළු දේශනය ඌව නවෝදයින් ඇතුළු සමස්ථ පාසල් සමාජයේ කතා බහට ලක් වීම විශේෂ කාරණයක් විය.










B/ Uva College Badulla Freedom celebration 2013 & morning assembly.



Uva collegian media unit


venerable sir Badalkubhure Dhammasiddi thera




Prize giving by Mr. Nimal Weerasinhe sir (B/ Uva maha vidyalaya)