ආයුබෝවන් ඔබට...

පාසල් මාධ්‍යකරණයේ නවමු මංපෙත් සොයා යන ඌව මාධ්‍ය සංසදය විසින් සංවර්ධනය කරනු ලබන DIGITAL සටහන වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

අනාගතය කරා පියනගන අපි සොයන්නා වූ දැක්ම ...

වෙනස් වන ලෝකයේ අභියෝග ජය ගනිමින් විද්‍යාලීය නාමය දෙස් විදෙස් හී සනිටුහන් කිරීමයි.

අත්තටු විදහා පියා සලන අප ඉටු කරන්නා වූ මෙහෙවර ...

පවත්නා සම්පත් කාර්යක්ෂමවත්, ඵලදායිවත් භාවිතා කරමින්, දැනුම ගුණධර්ම වලින්, චරිතායනය කර ගත්, නිපුනතාවන්ගෙන් පරිපුන් සිසු කැළැක් සමාජයට දායාද කිරීමයි .

වෙල්ලස්සක සිප්සදාරන ඌව නවෝදයින් වෙමු ...

ශ්‍රමය සෞභාග්‍ය කරා .... බදුල්ල ඌව මහා නවෝද්‍යා විද්‍යාලයේ සිසු කැල වන අපගේ ආදර්ශ පාඨයයි.

8 April 2014

56th Battle of UVA 2014 |
අන්තර් පාඨශාලීය ඌව මහා ක්‍රිකට් සංග්‍රාමය


අභිමානවත් ඌව නවෝදයින් හා ධර්මදූතයින් අතර පවතින සහජීවනයේ සංකේතය එනම් 56 වන වරට පවත්වන ඌව මහා ක්‍රිකට් සංග්‍රාමය මෙම අප්‍රේල් 4,5,6,7 දිනයන් වල දී බදුල්ල ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුනි. 4,5 දිනවල ටෙසට් තරග තිබූ අතර 6 වන දින විද්යාල වල ප්‍රවීණයින්ගේ තරගත් 7 වන දින දී පාසල් දෙක අතර එක් දින තරගයත් ඉතා උනුසුම් අන්දමින් පැවත්විය. ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ප්‍රථම ඉනිමෙහි වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට ධර්මදූත විද්යාලයට හැකි වූ නිසා ඔවුන්ට ටෙස්ට් කුසලානය භාර විය. එක් දින තරගය අතරතුර වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා එම තරගය අවාසනාවන්ත ලෙස නවත්වා දැමීමට විනිසුරුවන්ට සිදුවිය. මෙම තරග වල නිල ප්‍රතිඵල මෙසේ ය.

Test Match Score Board Summery


The cricket match ends in draw between Dharmadutha College & Uva College.
Uva College won the toss and elected to bat first.
Uva College 1st inning
: 113 .Extras
: 18Overs
: 47.2

Dharmadutha College 1st inning 
: 213Extras
: 22Overs
: 59.5

Uva College 2nd inning 
: 151/8Extras
: 18Overs
: 76

Best Batsman - Sachintha Diluksha(Uva College) 
Best Bowler - Shenal Dilex(Uva College) 
Best Fielder - Kasun Dilashan(Dharmadutha College) 
Man of the match - Janith Chathuranga(Dharmadutha College)

One Day Cricket Match Summery


Dharmadutha College won the toss and elected to bat first.
Dharmadutha College 
: 167 Overs
: 46Extras
: 16Run rate
: 3.34

Uva College 
: 26/5 Overs
: 16Extras
: 6Run rate
: 1.85


Match Status :
The match referees has been officially announced to stop the match due to the rain.


තරගාවලියේ සොදුරුතම මතක සටහන්  ....