ආයුබෝවන් ඔබට...

පාසල් මාධ්‍යකරණයේ නවමු මංපෙත් සොයා යන ඌව මාධ්‍ය සංසදය විසින් සංවර්ධනය කරනු ලබන DIGITAL සටහන වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

අනාගතය කරා පියනගන අපි සොයන්නා වූ දැක්ම ...

වෙනස් වන ලෝකයේ අභියෝග ජය ගනිමින් විද්‍යාලීය නාමය දෙස් විදෙස් හී සනිටුහන් කිරීමයි.

අත්තටු විදහා පියා සලන අප ඉටු කරන්නා වූ මෙහෙවර ...

පවත්නා සම්පත් කාර්යක්ෂමවත්, ඵලදායිවත් භාවිතා කරමින්, දැනුම ගුණධර්ම වලින්, චරිතායනය කර ගත්, නිපුනතාවන්ගෙන් පරිපුන් සිසු කැළැක් සමාජයට දායාද කිරීමයි .

වෙල්ලස්සක සිප්සදාරන ඌව නවෝදයින් වෙමු ...

ශ්‍රමය සෞභාග්‍ය කරා .... බදුල්ල ඌව මහා නවෝද්‍යා විද්‍යාලයේ සිසු කැල වන අපගේ ආදර්ශ පාඨයයි.

30 December 2013

Music group of Uva College won the 1st place at the National music singing boys Competition, 2013.







   1994න් පසු ඌව පළාතේ මුල් වරට සමස්ථ ලංකා පිරිමි සමූහ ගායන තරගාවලියේ ප්‍රථම ස්ථානය අප ඌව  විදයාලය පසුගිය දෙසැම්බර් 27 හිමි කර ගන්නා ලදි. එම සහභාගීත්ව චාරිකාවේ සොදුරුතම මතක සටහන් ඡායාරූප එකතුවට ඇතුළත් කර ඇත                                                                                                        .Music group of Uva College won the 1st place at the National music singing boys Competition, 2013.

































5 December 2013

Uva College Badulla prefects day |
බදුල්ල ඌව මහා විදුහලේ නායකත්වයේ තරු පැලදවීමේ උත්සවය

  • බදුල්ල ඌව මහා විදුහලේ ශිෂ්‍යය නායකයින් සදහා නායකත්වයේ තරු පලදවීමේ මහා උත්සවය ඉකුත්දා බදුල්ල සියිමන් පිරිස් සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි




20 November 2013

Uva Collegian Smart toolbar v1.0

ඔන්න යාලුවනේ අප විසින් මෙම වෙබ් අඩවි වල දියත් කරනු ලබන තොරතුරු තවත් ඉක්මණින් ඔයාල වෙත ලැබීමට අප මාධ්‍ය ඒකකය විසින් වෙබ් බ්රවුසර් සදහා Toolbar මෘදුකාංගයක් හදුන්වා දී තිබෙනවා. මෙයට අප විසින් කරනු ලබන අන්තර්ජාල වෙබ් ලිපින බොහොමක් ඇතුලත් කර ඇති අතර අපගේ වෙබ් අඩවි වෙතටම නොපැමිණ එහි තිබෙන නව ලිපි කියවිය හැකි RSS සේවාව ද ක්‍රියාත්මක කර ඇති බව සතුටින් දැනුම් දෙමි.
ඉතින් ඔබ තවත් බලා නොඉද දැන්ම බාගත කොට ඔබේ පරිගණකයටත් ස්ථාපිත කර ගන්න.
Download Uva Collegian Smart toolbar v1.0

12 June 2013

12/06/2013 Our MORNING ASSEMBLY .....



අද දිනයේ අප විද්යාලයේ උදෑසන රැස්වීම 9-C ශ්‍රේණියේ සිසුන් විසින් ඉතා හොදින් ඉදිරිපත් කරන ලදි.එහිදි පළමුව අප විද්යලයේ ස්වාමීන් වහන්සේ විසින් අප සැම පන්චශීලයේ පිහිටුවන ලදි.ඉන්පසු අප පාසල් මාතාවට උපහාරයක් වශයෙන් පාසල් ගීතය ගායනා කරන ලදි. ඉන්පසුව පවිශ්ක සොහොයුරා විසින් පිලිගැනීමේ කතාව ඉතා හොදින් ඉදිරිපත් කලේය.ඉන්පසු  පසු ගිය සතිය තුල අප විද්යාලයේ උණුසුම් පුවත් අකිල සොහොයුරා හා රවිදු සොහොයුරා විසින් ඉදිරිපත් කරන ලදි. විඩාබර වූ සිසුන්ගේ දෙසවන් ම්යුරු ගීයකින් පිනවූයේ වරුණ හා මිලින්ද සොයුරන් විසින්ය. ඉන්පසු ඉතා හාස්යජනක දෙබසකින් අප සිත් ප්‍රබොදමත් කරවුයේ ජනිත් සොහොයුරා අතුලු පිරිස විසින්ය.





 ඉන්පසු ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක් සන්ජීව හා රවිදු සොයුරා විසින් ඉදිරිපත් කලේය. ඉන්පසු තවත් සිසුන් පිරිසක් මිහිරි ගීතයක් ඉදිරිපත් කලේය. ඉන්පසු 9-C ශ්‍රේණියේ පන්තිභාර ගුරුතුමිය විසින් කතාවක් ඉදිරිපත් කලේය.ඉන්පසු  කම්මානන්කඩ පන්සලේ වාර්ශික වෙසක් මහා පෙරහැර සදහා සහභාගිවූ සිසුන්ට තයාග  අප විද්යලයේ ස්වාමීන්වහන්සේ විසින් ප්‍රදානය කලේය. මීලගට අප විද්යාලයේ නියමුවනන් වූ විදුහල්පතිතුමා විසින් අප හමුවේ වදන් පෙලක් තැබුවේය. මීලගට හසිත සොයුරා විසින් ස්තූති කතාව කලේය. අප පාසලේ සන්ගීත කණ්ඩායම ජාතික ගීය ගායනා කිරීමෙන් පසු සියල්ලො විසිර ගියේය,










                                       
                                        මම, ඌව විද්යාලීය වාර්තාකරු, ඉසුරු ද සිල්වා

6 June 2013

ඌව විද්‍යාලීය ආදී ශීෂ්‍යයන් විසින් තම විදු මාතාවට තවත් සත්කාරයක්...



අප ඌව විද්යාලය තුල ඕල්ඩ් උවයිට්ස් ක්‍රිඩා සමාජය හා ඕල්ඩ් උවයිට්ස් ප්‍රවීණයන්ගේ ක්‍රිඩා සමාජය ලෙස ක්‍රිඩා සමාජ 2ක් පවති. 2013/06/05 වන දින  ඕල්ඩ් උවයිට්ස් ක්‍රිඩා සමාජය මගින් සුවිශේෂි සත් කාරයක් විද්යාලයීය ක්‍රීඩා අ0ශය වෙත ප්‍රධානය විද්යාලයීය ප්‍රධාන ශාලාවෙදී පෑවෑතිණී. එනම් විද්යාලයට විශාල අඩු පාඩුවක්ව පෑවෑති ක්‍රීඩා භාණ්ඩ ලබා දී මෙනි.. මෙහිදි රු.ලක්ෂ 6 කට අධික පිර්‍රවෑයකින් යුතු මෙම ක්‍රීඩා භාණ්ඩ ප්‍රධානය කිරීමේ උත්සවය සදහා ,
~ ඕල්ඩ් උවයිට්ස් ක්‍රිඩා සමාජයේ සභාපති ගරු උපාලි නිශ්ශ0ක මහතා,
                ~ ඕල්ඩ් උවයිට්ස් ප්‍රවීණයන්ගේ ක්‍රිඩා සමාජයේ සභාපති ගරු අසිත නලින්ද මහතා
 ~ කලාප අධයාපන අධ්‍යක්ෂ ගොඩකන්ද  මහතා,
 ~ සහකාර අධයාපන අධ්‍යක්ෂ ගුණසේන මහතා,       
                                              ~ විද්යාලීය කීර්තිමත් ශිෂ්‍ය මනම්පේරිය මහතා, 

ඇතුලු ආදි ශිෂ්‍යයින් රෑසක් හා ගුරුවරුන් ,දෙමාපියන් ,සිසුන් රෑසකගේ සහාභගිත්වයෙන් සිදු විය. 
   උත්සව අවස්ථාව ආදි ශිෂ්‍යයන්ගේ සොදුරුතම මතක ආවර්ජන වලින් පිරී පෑවෑති නිසා පාසල් සමාජය තුල සුහදතවයත් අභිමානයත් තවත් වර්ධන‍ය වීමට බලපෑ අවස්තාවක් ලෙස දෑක් විය හෑක.. 70 දශකයේ ඌව විද්යාලය ශ්‍රී ලන්කාවේ ප්‍රධාන පෙලේ ක්‍රීඩකයින් රෑසක් බිහි කරමින් ස්වර්ණමය යුගයක් ගතකල කාලයක් විය. යලිත් එවන් කාලයක් සදහා ගමන් කිරීමට නෑවත වාරයක් ඌව නවෝදයින්ට අවස්තාව එලඹි ඇත.කෑපි පෙනෙන විප්ලවයක් සදහා චිත්ත ධයිර්ය දෑනටමත් පාසල් සමාජය තුල පිරී ගොස්ය...කල් වේලා ගත නොකොට දන්දන්ම ක්‍රියත්මක වුවහොත් විද්යාලීය ධජය තුල ඇති පියාසරන කේසරයාගෙ නියම ජීවානුගත අ0ග අනිවාර්යයෙන්ම ඌව නවෝදයන් තුලින් නෑගිට එන බව නොඅනු මානය....  






                                             
                                                                                   මම,
                                                                                                                       ඌව විද්යාලයීය වර්තාකරු,
                                                                                                   ඉසුරු ද සිල්වා 

26 May 2013

2013 පාසල් වෙසක් කළාපය

අපගේ වෙසක් කලාපය..... මෙම මාසයේ යෙදි තිබුනු වෙසක් සතිය නිමිත්තෙන් අප පාසලේ ක්‍රියාකාරකම් රාශියක් ස0විදානය කර තිබුනේය..අප පාසලේ සිසුන් ඒ අතරින් වෙසක් කූඩු තරගාවලිය සදහා විශේශ උනන්දුවක් දෑක් වුයේය.එහිදි සෑම පන්තියකින්ම වාගේ දර්ශනීය කුඩුවක් ඉදිරිපත් කර තිබුනේය එම වෙසක් කුඩු 23,24 හා 25 යන දිනවලදි අප පාසලේ ප්‍රදර්ශනය කර තිබුනෙය. එහිදි විද්යා ගණිත අන්ශය විසින් ඉදිරිපත් කල යාන්ත්‍රික වෙසක් කුඩුව විශේශ අන්ගයක් විය. එමෙන්ම 12 වාණිජ අන්ශය විසින් පවත්වනු ලෑබු ඔසු පෑන් දන්සලද සාර්තකව පෑවෑත්විය. 25 වන දින රාත්‍රියේ අප පාසලේ ස්වාමීන් වහන්සේ ඈතුලු තවත් පිරිසක් විසින් එම වෙසක් කුඩු විනිශ්චය කලේය..එහිදි ප්‍රතිපල ඉදිරිපත් නොකල අතර එය අප පසුව දෑනුම් දෙන්නෙමු. මම , ඉසුරු ද සිල්වා (ඌව මහා විද්යාලය,10-B)