ආයුබෝවන් ඔබට...

පාසල් මාධ්‍යකරණයේ නවමු මංපෙත් සොයා යන ඌව මාධ්‍ය සංසදය විසින් සංවර්ධනය කරනු ලබන DIGITAL සටහන වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

අනාගතය කරා පියනගන අපි සොයන්නා වූ දැක්ම ...

වෙනස් වන ලෝකයේ අභියෝග ජය ගනිමින් විද්‍යාලීය නාමය දෙස් විදෙස් හී සනිටුහන් කිරීමයි.

අත්තටු විදහා පියා සලන අප ඉටු කරන්නා වූ මෙහෙවර ...

පවත්නා සම්පත් කාර්යක්ෂමවත්, ඵලදායිවත් භාවිතා කරමින්, දැනුම ගුණධර්ම වලින්, චරිතායනය කර ගත්, නිපුනතාවන්ගෙන් පරිපුන් සිසු කැළැක් සමාජයට දායාද කිරීමයි .

වෙල්ලස්සක සිප්සදාරන ඌව නවෝදයින් වෙමු ...

ශ්‍රමය සෞභාග්‍ය කරා .... බදුල්ල ඌව මහා නවෝද්‍යා විද්‍යාලයේ සිසු කැල වන අපගේ ආදර්ශ පාඨයයි.

7 January 2013

අපේ පැල තවන් ව්‍යාපෘතිය

ඌව මහා විද්‍යාලයේ කෘෂිකර්ම අංශය හා බදුල්ල කොට්ඨාස කාර්යාලයේ කෘෂි උපදේශකයන්ගේ එකතුවෙන් ආරම්භ කරන ලද පැළ තවන් ව්‍යාපෘතිය 2013.01.07  දින විදුහල්පතිතුමාගේ ආරාධනයෙන් බදුල්ල කලාප අධ්‍යක්ෂකතුමා වන ආනන්ද සිරි ගොඩකන්ද මැතිතුමාත්, බදුල්ල කොට්ඨාස අධ්‍යක්ෂකතුමාත් අවට පාසල් වල විදුහල්පතිවරුන්ගේ හා හිටපු කාෂි ක්ෂේත්‍රයේ නිළධාරී පිරිසකගේ සහභාගීත්වයෙන් පෙ.ව.10.00ට තිබූ සුබ මොහොතින් පැළ අලෙවිය විද්‍යාලීය තවාන් භූමියේ දී පැවැත්විණි.
" අපි වවමු - රට නගමු " හා දිවි නැගුම අධ්‍යාපන අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වැඩසටහන් වලට සමගාමී ව්‍යාපාතියක් වශයෙන් විදුහල්පතිතුමාගේ උපදෙස් මත විද්‍යාලීය කෘෂි ගුරුභවතා වන ඩී.එම්.ආරියදාස මහතාගේ අධීක්ෂණය යටතේ විද්‍යාලීය සිසු ක්‍රියාකාරකමක් ලෙස ආරම්භ කෙරිණි.