7 January 2014

Informations about Uva province | ඌව පළාත ගැන තොරතුරු බිදක්

ඌව පළාත Uva Province

ඌව පළාතට අයත් බදුල්ල දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර 2,861ක භූමි ප්‍රදේශයකි. මේ පළාත විවිධ භූ විෂමතාවයන්ගෙන් යුක්ත වන අතර කඳු, හෙල්, සානු මෙන්ම ගංඟා ඇළ දොළ සහ දුන්හිද, දියළුම, රාවණා වැනි නෙත්කළු දිය ඇලි වලින් ද සමන්විතය.
බදුල්ල දිස්ත්‍රික්කය විවිධ ජන වර්ග‍යන්ගේ මිශ්‍රණයකි. සිංහල, දමිළ, මුස්ලිම් මෙන්ම ආදීවාසි වැදි ජනයා ද බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරයි. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට අයත් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ද පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේය.
බදුල්ල නගරයේ ඇති ප්‍රධාන පාසල් ලෙස බ/ මධ්‍ය මහා විද්‍යාලය, විහාරමහාදේවී මහා විද්‍යාලය, විශාකා බාලිකා විද්‍යාලය, බදුල්ල ඌව මහා නවෝද්‍යා විද්‍යාලය ( B/ Uva College Badulla), ධර්මදූත විද්‍යාලය,
බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ නවයකි. බදුල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, පස්සර, ඌව පරණගම, වැලිමඩ, වියළුම, මහියංගණය සහ හාලිඇල එම මැතිවරණ බල ප්‍රදේශයන්ය. එක් මහනගර සභාවක්, නගර සභා 02ක් සහ ප්‍රාදේශීය සභා 14ක් බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වෙයි. ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශ 15ක් වන අතර ඒවාට අයත් ග්‍රාම නිළධාරී කොට්ඨාශ 567කි. මේ සියල්ල විසින් ගම්මාන 1,999ක් ආවරණය කරයි.
2008 වසරේ ජනගහන සංගණන තොරතුරු වලට අනුව දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනය 8,61,190කි. එය ස්ත්‍රීන් 4,23,000ක සහ පුරුෂ 4,26,094ක එකතුවකි. දිස්ත්‍රික්කයේ නාගරික ජනගහනය 56,904කි. ග්‍රාමීය ජන සංඛ්‍යාව 6,26,223ක් වන අතර වතු ජන සංඛ්‍යාව 1,78,063කි. 2006 සංඛ්‍යාලේඛන වලට අනුව ශ්‍රම බලකාය 4,13,773කි. ඉන් සේවා නියුක්තිකයන් 386,764 ක් වන අතර සේවා වියුක්තිකයන් 27,009කි. දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් 1,97,000ක් හෙවත් 23.7% දරිද්‍රතාවයෙන් පෙළෙන අතර 2007 සංඛ්‍යා ලේඛන වලට අනුව සමස්ත නිවාස සංඛ්‍යාවෙන් 20.8% කටම විදුලිය නොමැත.
ඩිලාන් පෙරේරා බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරනුයේ හාලිඇල මැතිවරණ කොට්ඨාශයයි. එය එක් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකින් සහ එක් ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයකින් සමන්විතවේ. හාලිඇල වර්ග කිලෝමීටර 168.4 ක භූමි ප්‍රමාණයකි. 2008 වසරේ සංඛ්‍යා ලේඛණ අනුව හාලිඇලට අයත් ග්‍රාමසේවා වසම් 57 හි ජනගහනය 96,583කි. ඉන් ස්ත්‍රී ජනගහනය 50,033 කි. පුරුෂ ජනගහනය 46,550 කි. තොරතුරු අනුව නාගරික ජනයා ලෙස වර්ග කළ හැකි කිසිවෙක් නැති අතර ග්‍රාමීය ජන සංඛ්‍යාව හා වතු ජන සංඛ්‍යාව පිළිවෙලින් 64,828ක් හා 31,755ක් වේ.
2007 සංඛ්‍යා ලේඛන වලට අනුව ප්‍රදේශයේ ඉඩම් වලින් හෙක්ටයාර් 1,149ක් බහු වාර්ෂික භෝග සඳහා ද 3,267ක් කාලීන භෝග සඳහා ද හෙක්ටයාර් 5,880ක් තේ සඳහා ද හෙක්ටයාර් 112ක් පොල් සඳහා ද යොදවා ඇත. මෙම තොරතුරු වලට අනුව කුඹුරු ඉඩම් වශයෙන් හෙක්ටයාර් 1,408ක් හඳුනාගෙන ඇත.
සමස්තයක් ලෙස හාලිඇල ප්‍රදේශය අවම පහසුකම් සහිත ප්‍රදේශයකි. ග්‍රාමීය රෝහල් 2ක්, මධ්‍යම බෙහෙත් ශාලා 2ක් සහ ආයුර්වේද බෙහෙත් ශාලා 4ක් හාලිඇල ප්‍රදේශයේ තිබුණ ද ඒවායේ ඇත්තේ මූලික පහසුකම් පමණි. හාලිඇල ප්‍රදේශය බහු-වාර්ගික, බහු-සංස්කෘතික ජන සංයුතියකින් යුක්තවේ. ප්‍රදේශයේ ජනගහනයට අයත් වන ඉන්දීය සම්භවයක් සහිත වතු දෙමළ ජනයාගේ ඇතැම් නිවාස වලට ප්‍රවේශ වීමට මාර්ග පහසුකම් නොමැත. සමස්තයක් ලෙස ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය විය යුතුව ඇති අතර, සන්නිවේදන තාක්ෂණය අතින් ද හාලිඇල සෙසු කලාපයන්ට සාපේක්ෂව පිටුපසින් සිටියි. සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපනය ද නගා සිටුවිය යුතු මට්ටමක පවතියි. ක්‍රීඩාංගන, පුස්තකාල ආදී පහසුකම් ද ප්‍රමාණවත් නොවේ. රජයේ රැකියා කරන්නන් සහ උසස් අධ්‍යාපනය හදාරන්නන් ඉතා සුළු පිරිසක් ජීවත් වන හාලිඇල මැතිවරණ කොට්ඨාශය සංවර්ධනය සඳහා දිරි දීමක් කළ යුතුව තිබේ.

0 comments:

Post a Comment

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න