2 February 2014

60 දශක‍‍‍යේ දී ඌව විද්‍යාල‍‍යේ ගුරුවරියකට පෙම් බැදී වර්නන් මහතා (Mr.Vernon Corea)

The erotic story between two Teachers in UVA COLLEGE BADULLA

මෙය 60 දශකයේ දී  සිදු වූ සත්‍ය සිදුවීමකි.

ඔබ දන්නවාද වර්නන් කොරී මහතා (Vernon Corea) ගැන? 

මොහු  වසර 45ක කාලයක් පුරාවට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හා බ්‍රිතාන්‍ය BBC ගුවන්විදුලි  සේවයේ පුරෝගාමී ව කටයුතු කල අයෙකි. 1956න් පසු කාලීනව ශ්‍රී ලංකා ගුවන් විදුලිය තුලින්  ඔහු කල වැඩසටහන්  අතර The Maliban Show, Dial-a-Disc, Holiday Choice, Two For the Money, Take It Or Leave It, Saturday Stars, To Each His Own,Kiddies Corner, and Old Folks at Home ආදිය දකුණු ආසියාව තුල ම  ජනප්‍රියතම අංග බවට ද පත්වී ඇත. තරුණ වියේ සිටම  තමා කෙරෙහි වූ ප්‍රේක්ෂක අයිතිය දකුණු ආසියාවෙහිම ජනතාව නිරායාසයෙන් ම ඇදබැද තබා ගත්තේ ඔහුගේ හඩ තුල වූ නිමල මිත්‍රශීලී අදහස්  නිසාම වී ඇත.

වර්නන් මහතා 1927 සැප්තැම්බර් 11වන දින කුරන, කටුනායක උපත ලබා ඇත. පාසල් අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් ලබා ඇත. රංගන ක්ෂේත්‍ර හා විවාද සමාජ අතර කුඩාකල පටන්  වඩාත් ඇලුම් කල අංගයන් වී ඇත. අයිවන් කොරි (Ivan Corea) සහ ඔවුඩා කොරි (Ouida Corea) ඔහුගේ දෙමාපියන් වූ අතර ඔහුගේ සහෝදරයා එකල පුවත්පත් කලාවේදියකු සහ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයකු වූ අර්නස්ට් කොරී (Ernest Corea) මහතා විය. බටහිර වෙරළබඩ ප්‍රදේශයේ චිලා නගරයේ පදිංචිව සිටි ඔවුන් කෝට්ටේ සීතාවක රාජ්‍ය පාලනය දරූ එදිරිල්ලේ රාල පරම්පරාවෙන් පැවත  එන පවුල් පසුබිමකට හිමිකම් දැරීය. වර්නන් මහතාගේ මුත්තා එකල කීර්තිමත් නිදහස් සටන්කාමියෙක් විය. ඔහු ශ්‍රී ලංකා ජාතික කොන්ග්‍රසයේ නිර්මාතෘ ද වේ. ඉන්දියාවේ පියා ලෙස විරුදාවලිය ලත් මහත්මා ගාන්ධි මහතා පවා පැමිණ ඇති කොරී  පවුලේ නිවාස එකල ප්‍රදේශ වාසීන් සීගිරිය ලෙස ද ආමන්ත්‍රණය කර ඇත.






ඌව විද්‍යාලයත් වර්නන් මහතා ජීවිතයත් කිසිවකුත් නොපතූ නොසිතූ ලෙස වෙනස් වන්නේ මෙතැන් සිටය.

1952 දී වර්නන් මහතාගේ මවගේ අභාවයෙන් පසු සිත් තැව්ලෙන් සිටි ඔහු ඇමරිකාවේ දී සිදු කල රාජකාරි කටයුතු පසෙක දමා ලංකාවට පැමිණියේය. ඔහුට තම ජීවිතය වෙනසක් වෙත ගෙන යාමට ඉමහත් ඕනෑකමක් විය.
ලංකාවට පැමිණ තම නිවසේ දින කිහිපයක් සිටින විටදී එක්  දිනක් තම හිතවතෙකු වූ අප ඌව විද්‍යාලයේ එකල නියෝජ්‍ය විදුහලපතිවරයකු ලෙස සේවය කල සයිමන් ද සිල්වා මහතාගෙන් ඇරයුමක් ලැබීය. එනම් අප විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවයට ආරාධනාවකි. දෙවරක් නොසිතා එම ආරාධනාව පිළිගෙන ඔහු බදුල්ලට ගමන් ආරම්භ කලේය. මන්ද දුක්කිත පීඩාකාරී මොහොතක් පසුකල ඔහු මෙම ගමනින්  මහත් මානසික සහනයක් ලැබෙන හෙයිනි. එකල බදුල්ල පිළිබද ඔහු සිහිපත් කලේ මෙලෙසිනි.

  "Badulla is a very special place for me. Badulla is the capital of the province of Uva, on the island of Sri Lanka, 54 m. S. E. of Kandy. It is the seat of a government agent and district judge, besides minor courts. It was in Kandyan times the home of a Sri Lankan prince who ruled Uva as a principality. Badulla stands 2222 ft. above sea-level, it is a very beautiful town in Sri Lanka surrounded by mountains."

පසුව වර්නන් මහතා ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරයකු ලෙස අප විද්‍යාලයේ සේවයට බැදී ඇත. බදුල්ලේදී හමු වූ කේනන් අයිවන් තම හොදම මිතුරා විය.

St. Mark's Church Badulla
නත්තල් සමයේ එක් දිනක සවස ඔහු කේනන් සමග  බදුල්ලහි පිහිටි  St.Mark’s පල්ලියට ගියෝය.  එම කාල වකවානුවේදී ෆිලික්ස් ඩයස් අබේසිංහ පියාණන් (Reverend Felix Dias-Abeysinghe) St.Mark’s පල්ලියේ දේවගැතිතුමා ය. ඇතැමුන් "Church of Ceylon " ලෙස හැදින් වූ මෙම ස්ථානය ඇති අලංකාර භූමියක් විය. නත්තල නිසාම එහි අලංකාරය තවත් ඔප නංවා තිබුණි.
පල්ලියේ නත්තල් ගීතිකා ආරම්භ විය. ගීතිකා රසවිදිමින් සිටි ඔහුට, නිමේෂයකින් එම ගීතිකා කණ්ඩායමේ ගායනයෙන් සහය දුන් එක් සුන්දර  තැනැත්තියක් ඔහුගේ සිතෙහි ලැගුම්  ගන්නට විය. වර්නන් මහතා ඇය දුටු පළමු දවස ද එදින විය. තම මිතුරා වූ කේනන්  ඔහුට කියා සිටියේ ඒ ඌව විද්‍යාලයේ ගුරුවරියක බවයි.
වර්නන් ඇය හා කතාබහ කළේය. පාසලේදීත් පල්ලියේදීත් ඇය  හමුවන නිසා වඩාත් සමීප වන්නට විය. ඔවුනොවුන් හා බැදී මිත්‍රත්වය සදාකාලික ආදරයක් බවට පරිවර්තනය කරන්නට එතරම් කාලයක් ගත වූයේ නැත.
වර්නන් මහතාට බදුලු නගරයේදී හමු වූ මෙම සොදුරිතම ප්‍රේමවන්තියගේ  පියා සයිමන් ද සිල්වා නම් විය. ඔහු වරක් අප ඌව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධූරය ද දරූ අයෙකි. ඇයගේ මාමා කෙනෙකු වූයේ අදටත් ප්‍රසිද්ධ බදුල්ල විජය ස්ටූඩියෝ (Badulla Vijaya  Studio) ආයතනයේ හිමිකරුවා විය.
වර්නන් ඇය  හමු වී වසර 2කට පසු එනම් 1954 පෙබරවාරි 4 වන දින විවාහ විය. ඔවුන් දෙදෙනාගේ මුල් පදිංචිය බදුල්ල නගරයේම පහල රජ වීදියේ අංක 28 දරණ නිවාස වේ.
The wedding of Vernon Corea and Monica de Silva at St.Mark's Church Badulla - 4th February 1954


තමන්ගේ ප්‍රථම කුලුදුල් පුතා වූ හරිස්චන්ද්‍ර ඉතා අවාසනාවන්ත ලෙස 1956 දී මිය ගියේ ය. ඔහුගේ භූමදාන කටයුතු St.Mark’s පල්ලියෙදී සිදු කර ඇත. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු කෝරි යුවල යලිත් කොළඹ වෙත පදිංචිය වෙනස් කර ඇත.
මින් පසු වර්නන් මහතා ගුවන් විදුලියේ මෙන්න ම රුපවාහිනී ආදී ජන මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පුද්ගලයෙක් බවට පත වී ඇත.

ඒ කෙසේ වෙතත් ඔබ තවමත් සොයන අප ඌව විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුතුමාගේ අතිනත ගත අප විද්‍යාලයේම ගුරුවරියක වූ ඇගේ නම මොනිකා ද සිල්වා තැනැත්තියයි.

වර්තමානයේදී වර්නන් කොරි මහතා 2002 දී තම ජීවිතයෙන් සමුගෙන ඇත. නමුත් සමහර විටෙක මොනිකා ද සිල්වා මහත්මිය මේ ලොව කොහේ හෝ තැනකට වී එම සොදුරුතම අතීත මතකයන් සමගින් අදටත් ජීවත්ව සිටිනවා විය හැකිය.

Vernon Corea and family
Vernon and Monica Corea with their Fiat 1400 at 28 B Lower King Street Badulla in 1954.


 Source :

Written by : Supun Malinda

2 comments:

  1. This is a disgrace. Who ever translated this doesn’t seem to know Sinhala.

    ReplyDelete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න