ආයුබෝවන් ඔබට...

පාසල් මාධ්‍යකරණයේ නවමු මංපෙත් සොයා යන ඌව මාධ්‍ය සංසදය විසින් සංවර්ධනය කරනු ලබන DIGITAL සටහන වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

අනාගතය කරා පියනගන අපි සොයන්නා වූ දැක්ම ...

වෙනස් වන ලෝකයේ අභියෝග ජය ගනිමින් විද්‍යාලීය නාමය දෙස් විදෙස් හී සනිටුහන් කිරීමයි.

අත්තටු විදහා පියා සලන අප ඉටු කරන්නා වූ මෙහෙවර ...

පවත්නා සම්පත් කාර්යක්ෂමවත්, ඵලදායිවත් භාවිතා කරමින්, දැනුම ගුණධර්ම වලින්, චරිතායනය කර ගත්, නිපුනතාවන්ගෙන් පරිපුන් සිසු කැළැක් සමාජයට දායාද කිරීමයි .

වෙල්ලස්සක සිප්සදාරන ඌව නවෝදයින් වෙමු ...

ශ්‍රමය සෞභාග්‍ය කරා .... බදුල්ල ඌව මහා නවෝද්‍යා විද්‍යාලයේ සිසු කැල වන අපගේ ආදර්ශ පාඨයයි.

26 May 2013

2013 පාසල් වෙසක් කළාපය

අපගේ වෙසක් කලාපය..... මෙම මාසයේ යෙදි තිබුනු වෙසක් සතිය නිමිත්තෙන් අප පාසලේ ක්‍රියාකාරකම් රාශියක් ස0විදානය කර තිබුනේය..අප පාසලේ සිසුන් ඒ අතරින් වෙසක් කූඩු තරගාවලිය සදහා විශේශ උනන්දුවක් දෑක් වුයේය.එහිදි සෑම පන්තියකින්ම වාගේ දර්ශනීය කුඩුවක් ඉදිරිපත් කර තිබුනේය එම වෙසක් කුඩු 23,24 හා 25 යන දිනවලදි අප පාසලේ ප්‍රදර්ශනය කර තිබුනෙය. එහිදි විද්යා ගණිත අන්ශය විසින් ඉදිරිපත් කල යාන්ත්‍රික වෙසක් කුඩුව විශේශ අන්ගයක් විය. එමෙන්ම 12 වාණිජ අන්ශය විසින් පවත්වනු ලෑබු ඔසු පෑන් දන්සලද සාර්තකව පෑවෑත්විය. 25 වන දින රාත්‍රියේ අප පාසලේ ස්වාමීන් වහන්සේ ඈතුලු තවත් පිරිසක් විසින් එම වෙසක් කුඩු විනිශ්චය කලේය..එහිදි ප්‍රතිපල ඉදිරිපත් නොකල අතර එය අප පසුව දෑනුම් දෙන්නෙමු. මම , ඉසුරු ද සිල්වා (ඌව මහා විද්යාලය,10-B)

15 May 2013

2013.05.15 grade 10-c meeting














2013.05.15 දින උව මහා විද්‍යාලයේ 10c ශ්‍රේණිය මෙහෙයවූ උදය රැස්වීම මෙසේය.මේ සදහා උව මහා විදුහලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් සහභාගී විය.

11 May 2013

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන







මෙම වැඩසටහන 2012.05.10 වන සිකුරාදා දින ඌව මහා විදුහලේ ප්‍රධානය ශාලාවේදී පැවැත් විනි.මෙහි ප්‍රධාන අරමුණ වූයේ පාසල් ළමුන්ගෙන් මත්ද්‍රව්‍ය භාවිතාව ඈත් කිරීමයි

7 May 2013

මහා පිණ්ඩපාත චාරිකාව




















2013.05.03 වන දින පැවෙත් වූ මහා පිණ්ඩපාතික චාරිකාව සදහා අප පාසලේ ශිෂයයෝ 55 දෙනෙක් සහාභාගී   විය

අප පාසලේ සේවයේ නියුතු  පුජ්‍යය බඩල්කුබුරේ දම්මසිද්දි හාමුදුරුවන් විසින් සහයෝගය ලබා දීමෙන් අප  පාසලේ කරුණාරත්න ගුරු මහතාගේ අවවාද යටතේ අප සියලු දෙනා 2013.05.03 දින පැවැත්වූ මෙම මහගු පුණ්යක් ක්‍රියාවට සහභාගී විය.

මෙය පැවැත්වූනේ පිංආරාව  කම්මානන්කඩ විහාරස්ථානයේ සිට බදුල්ල මුතියංගනය රජ මහා විහාරස්ථානය දක්වායි.මේ සදහා බදුල්ල පොලීසිය ඉතා අගනා මෙහෙවරක් සිදුකළහ.මේ සදහා බදුල්ල නගරයේ ප්‍රසිද්ධ පාසල් රැසක් සහභාගීවිය.ඒ අතර අප පාසලේ ළමුන් හට විශේෂ ස්ථානයක් ලැබුණි.තවද මෙයට භික්ෂූන් වහන්සේලා 102 නමක් සහභාගී විය.මෙම භික්‍ෂූන් වහන්සේලා හට දන් පිරිනැමීමට දහස් සංඛයාත ජන ගගක් මග දිගට පොරකමින් දන් පිළිගනු ලැබුහ.

අවසානයේදී සියලු භික්‍ෂූන් වහන්සේලා පුජ්‍යය බඩල්කුබුරේ දම්මසිද්දි ස්වාමීන්වහන්සේ වෙත ඉක්මන් සුවය  පැතූහ...............