6 March 2014

Uvites's Scouting ceremony day 2014 |
බාලදක්ෂ නිල ලාංඡන පැළදවීමේ සැමරුම් උත්සවය

බාලදක්ෂ නිල ලාංඡන පැළදවීම - 2014

බාලදක්ෂ ව්‍යාපාරය යනු තරුණ තරුණියනියන්ගේ මානසික, ශාරීරික සහ ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම නිර්මාණාත්මක පුද්ගල වර්ධනයට අතදීම ආරම්භක අරමුණ සේ පවත්වාගනිමින් ඇරඹුනු ලෝක ව්‍යාප්ත තරුණ සංවිධානයකි.
බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල් විසින් 1907 වසරේදී එංගලන්තයේ බ්‍රවුන්සී දූපතේදී පලමු බාලදක්ෂ කදවුර පැවැත්වීමත් සමඟ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ විය. බාලදක්ෂ ව්‍යාපාරය සඳහා මූලධර්ම ඇතුලත් කොට බේඩින් පවෙල් විසින් රචිත ‘පිරිමි ළමුන් සඳහා බාලදක්ෂ ව්‍යාපාරය’ (Scouting for Boys)(එංගලන්තය , 1908) කෘතියට ඔහු විසින් පෙර රචිත හමුදාමය ග්‍රන්ථ වල ආභාෂය ලැබුනි. විසිවන සියවසේ මුල් භාගයේදී මෙම ව්‍යාපාරය පිරිමි ළමුන් සඳහා වයස් කාණ්ඩ තුනක් (පෝතක බාලදක්ෂ, බාලදක්ෂ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ) යටතේ ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වූ අතර 1910 වසරේදී බාලදක්ෂිකා සංගමය ලෙසින් නව සංගමයක් ගැහැනු ළමුන් (කනිෂ්ඨ බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා) උදෙසා ආරම්භ විය.
මෙසේ 1910 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයන් වූ රටවත් සියල්ලකම පාහේ බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 1910 දී ලාංකාවේ ද බාලදක්ෂ ව්‍යාපාරය අරඹා ඇති අතර එහි ලාකාවේ 4වන ස්ථානය අප ඌව විද්‍යාලයේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ විය.

ලෝක බාල දක්ෂ ව්‍යාපාරයේ සියවන සංවත්සරයත් අප විද්‍යාලීය බාල දක්ෂ ව්‍යාපාරයේ සියවන සංවත්සරයත් (1910) සැමරීම නිමිතා කොට ගනිමින් පසුගිය 2014 මාර්තු 4වන අහහරුවාදා දින ඌව බාලදක්ෂ ව්‍යාපාරය මගින් අප විද්‍යාලයේ සිටින 163 දෙනෙකුට අධික බාල දක්ෂ සමාජිකයන් සදහා නිල ලාංඡන පැළදවීම, හිස් වැසුම හා කර ලේන්සුව පැළදවීම. යෂ්ටිය භාර දීම හා සහතික පත්‍ර ප්‍රධානය කිරීමේ උත්වසය පැවැත්විය.
මෙම අවස්ථාව සදහා සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තන් අතර,
  • Hon. Rohana Kirthi Dissanayaka
  • Mr. Ajith liyanage honorable provincial councillor 
  • Mr. Upali Nishshanka Gunasekara honorable mayor 
  • Honorable district scouts commissioner 
  • Mr. Anandasiri Godakanda Zonal director of education
ආදියයි.
මෙම වසරේ දි ලෝක බාලදක්ෂ අන්තර් ජාතික සම්මේලනය ඌව විද්‍යාලයට සමගාමීව පැවැත්වීමත් හේතු කොට ගෙන මෙම උත්සව අවස්ථාව පෙර ඇතුව සංවිධානය කර ඇත. තවද ප්‍රධාන බාලදක්ෂ නායක ලක්ෂමන් පෙරේරා ගුරු පියාණන්ගේ මූලිකත්වයෙන් සිදු වූ මෙම උත්සව අවස්ථාවට සියලු ම බාල දක්ෂ ඌව නවෝදයින්ගේ දෙමාපියන් ද සහභාගී වූ අතර උත්සව අවස්ථාවේ විවිධ අවස්ථාවන් පහත දක්වා ඇත.




































































Upload by Supun Malinda

0 comments:

Post a Comment

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න