7 January 2013

අපේ පැල තවන් ව්‍යාපෘතිය

ඌව මහා විද්‍යාලයේ කෘෂිකර්ම අංශය හා බදුල්ල කොට්ඨාස කාර්යාලයේ කෘෂි උපදේශකයන්ගේ එකතුවෙන් ආරම්භ කරන ලද පැළ තවන් ව්‍යාපෘතිය 2013.01.07  දින විදුහල්පතිතුමාගේ ආරාධනයෙන් බදුල්ල කලාප අධ්‍යක්ෂකතුමා වන ආනන්ද සිරි ගොඩකන්ද මැතිතුමාත්, බදුල්ල කොට්ඨාස අධ්‍යක්ෂකතුමාත් අවට පාසල් වල විදුහල්පතිවරුන්ගේ හා හිටපු කාෂි ක්ෂේත්‍රයේ නිළධාරී පිරිසකගේ සහභාගීත්වයෙන් පෙ.ව.10.00ට තිබූ සුබ මොහොතින් පැළ අලෙවිය විද්‍යාලීය තවාන් භූමියේ දී පැවැත්විණි.
" අපි වවමු - රට නගමු " හා දිවි නැගුම අධ්‍යාපන අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වැඩසටහන් වලට සමගාමී ව්‍යාපාතියක් වශයෙන් විදුහල්පතිතුමාගේ උපදෙස් මත විද්‍යාලීය කෘෂි ගුරුභවතා වන ඩී.එම්.ආරියදාස මහතාගේ අධීක්ෂණය යටතේ විද්‍යාලීය සිසු ක්‍රියාකාරකමක් ලෙස ආරම්භ කෙරිණි.



















0 comments:

Post a Comment

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න