14 December 2012

ලාංකීය ස්වර පබදුමේ මතකාවර්ජනය හෙවත් මධුර දිපනිය

ලාංකීය ස්වර පබදුමේ මතකාවර්ජනය හෙවත් මධුර දිපනී


2012 පාසල අවසාන අවසන් දිනයට පෙර දින එනම් දෙසැම්බර් 6වන දින පාසලේ සංගීත අංශයේ මූලිකත්වයෙන් "මධුර දීපනී  " නමින් රසවින්දනාත්මක සංගීත වැඩසටහනක් ඌව විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. උදැසන 10.00 පටන්
පාසැල නිමා වන තෙක් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සදහා ආරාධිත අමුත්තන් ලෙස ගරු අජිත් ලියනගේ මන්ත්‍රීතුමා ඇතුළු අධ්‍යාපනික කොට්ටාශයේ නිලධාරීන් කිහිප දෙනෙක් හා සංගීත අචාර්යවරුන් කිහිප දෙනෙක් සම්ප්‍රාප්තව සිටියහ. ඌව විද්‍යාලයේ ජ්‍යෙෂ්ට හා කනිෂ්ට අංශයේ සියලූම සිසුන් මෙම වැඩසටහනට සහභාගී වූ අතර ආචාර්ය මණ්ඩලය ද ඒ අතර විය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකට ගාන්ධර්වයකු වූ විශාරද පීරිස් ගුරු පියාණන් ඇතුළු තවත් සංගීත වෘන්දයකගේ සුසංයෝගයකින් මධුර දීපනී වර්ණවත්ව තිබූ නිසා අසන්නන් සියල්ලම සම්භාව්‍ය ගනයේ සංගීත ප්‍රසංගයක ස්වරූපයක් අත්පත් කර තිබුණි. මෙහි දී අමරදේවයාණන්ගේ , සුනිල් එදිරිසිංහ මහතා ආදී වූවන්ගේ අතීත මතකයන් යලි මතක් කර දෙමින් ඔවුන්ගේ ගීතයන් තුල ගැබ් වූ අපූර්වභව හා වටිනාකම යලි මතක්කොට දෙමින් ගතකල මෙම වැඩසටහන  කලකට පසු නොසිතූ විරෝ අන්දමින්  සංවිධානය කර තිබූ වාර අවසානයේ විභාගයෙන් පසු ව විඩාබරිත වී තිබූ ඌව නවෝදයින්ගේ හදවත් තුලට සිසිලසක්, ප්‍රීතියක්, රසක්ඤතාවයක් පිරිනැමු දිනයක් විය.


0 comments:

Post a Comment

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න