7 April 2013

Another BATTLE of UVA Heros

55 වන ඌව ධර්මදුත මහා ක්‍රිකට් සංග්‍රාමය ~ 2013

         බදුල්ල ඌව විදුහල හා ධර්මදුත විදුහල අතර සෑම වර්ශයකම පවත්වන ක්‍රිකට් තරගය 55 වන        වතාවටත් අප්‍රේල් 5,6 යන දින දෙකෙදි බදුල්ල ක්‍රිකට් ක්‍රිඩාන්ගනයේදි අති උත්කර්ශවත් අයුරින් පැවත් විය. මෙහිදි ඌව විද්‍යාලීය ආදී ශිෂ්‍ය
සන්ගමය හා ධර්මදුත විද්‍යාලීය ආදී ශිෂ්‍ය සන්ගමය තම විද්‍යාලීය පිල වෙනුවෙන් දෑඩි මහන්සියක් හා වියදමක් දරමින් ක්‍රිඩකයින් දිරි ගැන්විය.


එහිදි පළමුව කාසියේ වාසිය දුත පිලේ නායකයා විසින් ජය ගත්තේය. ඉන්පසු දුත පිලේ නයකයා විසින් පළමුව පන්දුවට පහර දීමට ඌව පිලට ආරාධනා කළේය. එහිදි පළමු ඉනිමේ ඌව පිළ සියල්ලන් දැවී ළකුනු 186 රැස් කරගත්තේය. ඉන් පසු දූත පිල ළකුනු 143 රැස් කරගත්තේය. 



          ඉන් පසු දෙවන ඉනිම ක්‍රිඩා කල ඌව පිල ළකුනු 97 කට සියල්ලන් දැවි ගියේය. ඉන් පසු පිටියට පිවිසි දුත පිල පන්දුවාර 8 තුල ළකුනු 55 කට ක්‍රිඩකයින් 4ක් දැවි ගියේය. ඉන් පසු ජය පරාජයෙන් තොරව තරගය නිම විය. කෙසේ වුවද ඌව විද්‍යාලීය පිල වැඩි ලකුනු 45 කින් ඉදිරියෙන් සිටි නිසා කුසලානය ඌව  විද්‍යාලීය පිලට ලබුනේය. කුසලානය ඌව  විද්‍යාලීය පිලට ලබා දිමේදි තරමක උනුසුම් කාරි තත්වයක්ද ඇතිවිය.

       කෙසේ නමුත් අවසානයේ තරගයේ වීරයා සම්මානය ඌව විද්‍යාලයේ ටිරාන් රසල් විසින් දිනාගත්තේය. තරගයේ හොදම පිතිකරු ලෙස ඌව විද්‍යාලයේ චතුර ගීතාන්ජන විසින් දිනාගත්තේය. තරගයේ හොදම පන්දු යවන්නා ලෙස ධර්මදුත පිලේ ක්‍රිඩකයෙක් සම්මාන ලැබිය.. ක්‍රීඩාවේ අවසානය තෙක් ඉතා සාමකාමීව සියලු දෙනා කටයුතු කල අතර නමුත් කුසලානය ප්‍රධානය කරන  අවස්ථාවේදී තරමක නොසන්සුන්කාරී බවක් හට ගැනිණි. කෙසේ හෝ ප්‍රථම ඉනිම ජයහි උරුමකම් දැරීමට අප ඌව විද්‍යාලයට හැකි වූ නිසා මෙවර 55වන ධර්මදූත ඌව මහා ක්‍රිකට් සංග්‍රාමයේ කුසලානයේ  අයිතිකරුවන් වීමට අප හට හැකි වීම මහත් භාගයක් කොට සලකමි.

මම
ඉසුරු ද සිල්වා 

Panaroma Image

ඌව විද්‍යාලීය කණ්ඩායම ඡායාරූපයකට පෙනී සිටිමින්







තරග ආරම්භය
තරග අවසානයේ ත්‍යාග ප්‍රධානයේදී විවිධ අවස්ථාවන්
තරග අවසානයේ ත්‍යාග ප්‍රධානයේදී විවිධ අවස්ථාවන්


තරග අවසානයේ ත්‍යාග ප්‍රධානයේදී විවිධ අවස්ථාවන්

තරග අවසානයේ ත්‍යාග ප්‍රධානයේදී විවිධ අවස්ථාවන්
තරග අවසානයේ ත්‍යාග ප්‍රධානයේදී විවිධ අවස්ථාවන්
තරග අවසානයේ ත්‍යාග ප්‍රධානයේදී විවිධ අවස්ථාවන්
තරග අවසානයේ ත්‍යාග ප්‍රධානයේදී විවිධ අවස්ථාවන්
තරග අවසානයේ ත්‍යාග ප්‍රධානයේදී විවිධ අවස්ථාවන්
 

3 comments:

  1. isuru post 1 ela..ela digatama ohoma yamuuuuu.....

    ReplyDelete
  2. me post1 kiyawana ona kenekuta puluwan comment karanna. Oyath mona hari daamu....

    ReplyDelete

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න