13 October 2012

මෙහෙමයි, අපේ ලෝක ළමා දිනය




                 මෙවර ලෝක ළමා දිනය අපේ ඉස්කොලේ නම් ජයටම තිබුනා. 6 සිට 8 වසර පන්ති තෙක් ළමයින් එක්කාසු කර ගෙන අපේ ලලිත් කුමාරසිරි සර් ගේ මූලිකත්වයෙන් ළමා චිත්‍රපටියක් හා විනෝදාත්මක වැඩසටහනක් සංවිධානය කළා. ඇත්තටම ඒක  හුගක් විනෝදාත්මක වුනා. සමහර පුංචි මල්ලිලා එකතුවෙලා තනියෙන්ම නාට්‍ය හදාගෙන සමහර මල්ලිලා එකතුවෙලා සින්දු කියල, ඇයි අපේ දයාබර ලලිත් සර්ත් සෞන්දර්ය අංශයේ ගුරුවරුත්
එකතු වෙලා අපිත් එක්ක එකට නැටුවා ගැයුවා විනෝද වුනා. 




           ඔන්න ඔහොම ඉස්කෝලේ ප්‍රධාන ශාලාවේ වැඩසටහනක් යනකොට අපේ "විල්ස්පර්ක්" නමින් කතාකරන පිට්ටනියේ 9 ශ්‍රේණියෙන් ඉහල ජ්‍යෙෂ්ට අංශයේ ළමයිනුයි තවත් ගුරුවරු පිරිසකුයි අපූරු වැඩක් පටන් ගත්තා. එදා අපි ඒ ඒ ශ්‍රේණි වලට අදාළ ශිෂ්‍යන් එකතුවෙලා ක්‍රිකට් සෙල්ලම් කළා. අපේ ක්‍රීඩා අංශය භාර ආදරණීය ගුරුමව්පියන් මේ තරගාවලිය කලින්ම සංවිධානය කරලා තිබ්බ නිසා මුළු තරගාවලියම උණුසුම් මුහුණුවරක් ගත්තා. කොහොමින් කොහොමහරි පන්ති අතර එදා අතර තිබුන ක්‍රිකට් ගැටුමේ සමස්ත බලය අතට ගන්න උසස් පෙළ වාණිජ අංශයට පුළුවන් වුන. හැබැයි ඔන්න final match එක ආවේ ඊට පස්සේ. අපි හැමෝම හිතුවේ අවසාන තරගය තිබ්බේ මීට කලින් කියල. ටික වෙලාවක් යනකොටයි කාරණය වැටහුනේ. අපේ ඉස්කෝලේ ඉන්න තරුණ ගුරුවරු පිරිසක් ක්‍රිකට් ආම්පන්නත් කරේ තියා ගෙන Final match එක සෙල්ලම් කරන්න ආව වාණිජ අංශයත් සමග. එය  නම් අපි හැමටම විනෝදජනක තරගයක් වුනා. සමහර සර්ලා ජීවිතයේ ඉස්සෙල්ලාම වගේ බැට් එක අතට ගත්තෙත් එදා ද කොහෙද. හැබැයි සමහර සර්ලා මේ පුංචි පිට්ටනිය මොහොතකට ජාත්‍යන්තරයටම අරන් ගියා. කොහොමින් කොහොමහරි වාණිජ අංශයේ  ගණන් හිලව් වල බින්දු ගාන  වැඩි හින්දද මන්ද අපේ තරුණ ගුරු පියවරු එදා දිනය අප වෙනුවෙන් ම ජය ගත්තා. කවදාවත් නැති විදියට මොන හේතුවකට ද  මන්ද අපි හැමෝම එදා ඔවුන් වෙනුවෙන් සිනහව පුරවගෙන අත්පුඩි ගැහුවා. අපිට  තියා අඩුම තරමින් වාණිජ අංශයටවත් එදා දවස දුකක් වුනේ නැහැ. මටත් වෙලාවකට හිතෙනවා කාලෙකට පස්සේ තිබුන හොදම ළමා දිනයත් මේකදෝ..කියල.
              ඇත්තටම එදා අපේ ආදරණීය ගුරුවරු එයාලගේ ගුරුකමින් එහාට ගියදෙයක් අපේ හිතට මුනගස්සුව. ඒ තමයි එකමුතුකම. එයාල ගුරුවරුවත් අපි ළමයිවත් කියල දෙපැත්තකට වෙලා හිටියොත් අනිවාරයෙන් ම දිනයක  ඌව වෙල්ලස්සේ කැරැල්ල තුල නියම වැඩකාරයින්ගේ හිඩසක් ඇතිවේවි.


0 comments:

Post a Comment

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න