5 October 2012

ආදරණීය ගුරු මව්පියනි අපි ඔබට සදා ණයගැතියි





ආදරණීය ගුරු මව්පියනි,
පුංචි සන්දියේ පටන් 
මෙතෙක් 
පාසල වෙත ආපු දිනයේ
තමන් ලගට
කුරුලු පැටවුන් එක්කර ගන්නා සේ
අපිව ලගට ගත් අපි ආදරයෙන් වැලද ගත්
ගුරු මෑණියනි,
ඔබට අපගේ ගෞරවය.
ඔබ ලද සියලු දැනුම් සම්බාරය
කිසිදු ලෝබ කමකින් තොරව
අපට ලබා දුන්න,
එය කියාවත් ලියාවත් නිම කරන්නට බැරි තරම්ය.
ගුරු මව්පියනි,
ඔබ ලද ඒ උතුම් උත්තරීතර ගුරු පදවිය
ලබූ දා සිට මේ දක්වා
ඔබෙන් සිප් සතර හැදෑරූ
සුවහසක් පුතනුවන් වෙනුවෙන් මෙය ගුරු උපහාරයක්ම වේවා.
දවසක් අපි දිනුවා
දවසක් අපි පැරදුනා 
එවිට ඔබ නෙතගින් වැටුනු කදුලු
අපට  තාම මතකය
එවිට ඔබ අපට දුන් වදන්පෙල
අපට  තාම මතකය
එවන් මිනිස්කම කියාදෙන
සොදුරුතම ශේෂ්ඨ මිනිසුන්ගෙන් 
සිප්සතර හැදෑරීම ද
අපේම වාසනාවකි.
ඉතින්, දයාබර ගුරු මව්පියවරුනි,
අපේ අහිංසක ආයාචනය 
ඔබ නිරෝගීව සැමදා සිටින්නටයි
අපට අවශ්‍ය ඔබේ සදා ණයකරුවෙකු වීම
පමණයි...

0 comments:

Post a Comment

මෙම ලිපිය පිළිබද ඔබේ අදහසත් පහතින් ලියා දක්වන්න